අහුවෙන්න එපා: ඔන්ලයින් ණය ගුබ්බෑයම් 40ක්

174

ඔන්ලයින් හරහා ණය ලබාදෙන වංචනික ආයතන හතළිහකට වඩා රටේ මහා පරිමාණ ජාවාමරක් සිදු කරන බැවින් ඒවාට හසු නොවන ලෙස දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

සියයට තුන්සීය හැටපහක පොලී අනුපාත මත මෙම ණය ලබාදෙන ආයතන පිළිබඳ මහ බැංකුව සොයා බලා නීතිමය පියවර ගත යුතු බව ද ඒ මහතා කියා සිටී.

ඔන්ලයින් හරහා හදිසි ණය ලබා ගන්නා ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් ප්‍රචාර කර මෙම ණය ලබාදීමේ ජාවාරම කරගෙන යන බවද සමරසිංහ මහතා කියා සිටී.

ඇප් එකක් බාගත (ඩවුන්ලෝඩ්) කර ගන්නා ලෙසට ණය ඉල්ලන අයට පවසා අදාළ ණය ඉල්ලුම්කරුගේ සියලු දත්ත දුරකථන අංක ආදිය පවා අදාළ ණය ලබාදෙන ආයතන සූක්ෂමව ලබා ගන්නා බවද ඒ මහතා සාක්ෂි සහිතව කියා සිටියේය.

දිනකට සියයට එකක පොලියක් ලබාගෙන මෙම ණය ලබාදී එය ආපසු නොගෙවන විට ණය හිමියාට පමණක් නොව ඔහුගේ දුරකථනයේ සිටින අන් අයට ද ඇමතුම් දී බිය වද්දන බව ද කීය. මහ බැංකුවේ ලියාපදිංචි නොවී අධික පොලියට ණය දෙන ආයතන පිළිබඳ වහා සොයා බලන ලෙස ද වසන්ත සමරසිංහ මහතා ඉල්ලා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment