කෝපි කෝප්පයේ කුළුබඩු අස්සේ ඩොලර් මිලියන 129ක්

526

කෝපි, තේ, කොකෝවා, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) මුල් මාස නවයේදී ඇමරිකානු ඩොලර් මිලියන 129.7ක මුදලක් වැය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පමණක් කෝපි, තේ, කොකෝවා, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 14.1ක මුදලක් වැය කර ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලයේ දී මෙකී නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 136.6ක මුදලක් වැය කර තිබූ බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment