ඇමෙරිකානු ගුරුවරියක් ගුවන් යානයක වැසිකිළියේ නිරෝධායනයට

527

ඇමෙරිකානු ගුරුවරියක් ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් යානයේ වැසිකිළිය තුළ පැය පහක පමණ කාලයක් ස්වෙච්ඡුාවෙන් ස්වයං නිරෝධායනයට යොමු වූ පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

 එම වාර්තාවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් නගරයේ පදිංචිකාරියක වන මරිසා ෆොර්ට් ඕ ඉකුත් දෙසැම්බර් 20 වැනිදා චිකාගෝ නගරයේ සිට අයිස්ලන්තයේ අගනුවර වන රෙයික්ජැවික් නගරය වෙත ගුවන් මගින් යන අවස්ථාවේදී උගුරේ රිදීමක් හටගැනීම හේතුවෙන් ඇය සතුව තිබූ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් හරහා සිදු කරගත් පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු වී තිබේ.

 එම අවස්ථාවේදී ඇය විසින් ගුවන් යානයේ ගමන් ගත් සෙසු මගීන් 150 දෙනා හට වෛරසය තමාගෙන් පැතිර යතැයි යන බියෙන් යානයේ වැසිකිළිය තුළ ස්වෙච්ඡුාවෙන් පැය පහක කාලයක් ස්වයං නිරෝධායනයට යොමුව තිබේ. නිරෝධායනය වූ කාලසීමාව තුළදී මරියා ගමන්ගත් ‘අයිස්ලන්ඞ් එයාර්’ යානයේ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් ඇය හට අවශ්‍ය ආහාර පාන සපයා දී ඇති අතර නිරෝධායනය වූ කාලසීමාව තුළදී තමාට උදව් උපකාර කළ ගුවන් සේවිකාවකට මරියා සිය කෘතඥතාවය පළ කර තිබේ.

 ‘එය එක්තරා ආකාරයක පිස්සු අත්දැකීමක්’ මරියා පවසා තිබේ. අයිස්ලන්තයේ අගනුවර වෙත ළඟා වීමෙන් පසු මරියාට රෙඞ්ක්‍රොස් හෝටලයේ නැවත වරක් නිරෝධායනයට යොමු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment