ඉතාලියේ බෝට්ටු අනතුරකින් 4 ක් මරුට

126

උතුරු ඉතාලියේ විලක ගමන් කරමින් තිබූ උපන් දිනයක් සැමරු සංචාරකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරේදා (28දා) සවස පෙරළී ගොස් දියෙහි ගිලීම හේතුවෙන් එහි ගමන් ගත් සිවු දෙනකු මිය ගොස් තවත් පස් දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඉතාලි මාධ්‍ය වාර්තාවලට අනුව උතුරු ඉතාලියේ මැගියෝර් විලෙහි යාත්‍රා කරමින් තිබූ එංගලන්ත, ඉතාලි හා ඊශ්‍රායල් ජාතිකයන් 25 දෙනකු රැගත් බෝට්ටුවක් පැවති දැඩි සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විලෙහි ගීලී යෑමෙන් මෙම අනතුර සිදුව තිබේ. ‘සෙස්ටෝ සෙලෙන්ඩේ’ හා ‘ඇරෝනා’ නගර අතර සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් බෝට්ටුවේ ගමන්ගත් මගීහු විලෙහි ජලයට වැටී ඇති අතර බොහෝ දෙනකු පිහිනා දිවි ගලවාගෙන තිබේ. මීටර් 16ක් (අඩි 52ක්) දිගැති ගිලී ගොස් ඇති බෝට්ටුව එහි ගමන්ගත් සංචාරකයන් පිරිස විසින් කුලියට ගත් බෝට්ටුවක් බව හෙළි වී තිබේ. බෝට්ටුවෙන් විලට වැටුණු සංචාරකයන් බේරා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් හෙලිකොප්ටර් යානා හා ගිනි නිවන හමුදා භටයන් සහය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment