පාස්කු දා මියගිය අය සිහිකර අපේක්‍ෂා රෝහලට ලක්‍ෂ 78 ක වෛද්‍ය උපකරණයක්

78

පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනි සිද්ධස්ථානයේදී මියගිය පිරිස් සිහිපත් කරමින් මෙම සිද්ධස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගේ පරිත්‍යාගයෙන් රුපියල් ලක්‍ෂ 78 ක් වැයකොට ලබාගත් එකෝ කාඩියොග්‍රැපර් (Echo Cardiographer) ඉතා සූක්‍ෂම වෛද්‍ය උපකරණයක් මහරගම අපේක්‍ෂා රෝහල වෙත පිළිගැන්වීම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ ඊයේ (21 දා) පැවැති පාස්කු ඉරුදින ප්‍රහාරයේ සිව් වසර සැමරුම් උළෙලේදී සිදුවිය.

එහිදී එම වෛද්‍ය උපකරණය කොළඹ අගරදගුරු අතිඋතුම් දේවාධර්මාචාර්ය මැල්කම් රන්ජිත් කාදිනල්තුමා මහරගම අපේක්‍ෂා රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි රොෂාන් අමරතුංග මහතා හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී කුමාරි වාස් මහත්මියට භාරදුන් අයුරු. ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ රදගුරුතුමාද, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි හා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පාලක ලලිත් පෙරේරා පියතුමාද මෙහි වෙති.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment