ගුරුවරු අදත් වැඩ වරති

382

වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලා ගුරු, විදුහල්පති වෘත්තීය සමිති විසින් මේ වන විට වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතව සිටින බැවින් අද (02 දා) දිනයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසල්වලට පැමිණීමෙන් වැළකී සිටින බව එම වෘත්තීය සමිති අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊයේ (01 දා) ඒකාබද්ධ ලිපියක් යවමින් දැනුම්දී ඇත.

ඒ අනුව ‘රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම’ මැයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අද දින සිට සේවයට පැමිණිය යුතු වුවත් වෘත්තීය කි‍්‍රයාමාර්ගය නිසා සේවයට පැමිණීමෙන් වැළකී සිටින බවද එම ලිපියෙහි සඳහන් කර තිබේ.

වැටුප් විෂමතා විසඳීම සම්බන්ධව අධ්‍යාපන ඇමැතිවරයා අද කැබිනට් මණ්ඩලය හමුවට කැබිනට් පති‍්‍රකාවක් යොමු කිරීමට නියමිත බැවින් සහ ඒ අනුව හෙට (03 දා) අධ්‍යාපන ඇමැතිවරයා සහ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අතර සාකච්ඡුාවක් පැවැත්වීමටද නියමිතව ඇති බව එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ශී‍්‍ර ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යා පීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා ගෘහ වි. හා කෘෂි. වි. ඩිප්ලෝමා සංගමය, ශී‍්‍ර ලංකා ඉස්ලාම් ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ප‍්‍රගති ගුරු සංගමය ඇතුළුව මේ වන විට වෘත්තීය කි‍්‍රයාමාර්ගයට යොමුවී සිටින සියලූ ගුරු සංගම් විසින් ඒකාබද්ධව මෙම ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවා තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment