‘සිරි රණසිංහ රූපාවලෝකන’ දැක්ම 09 වැනිදා

73

ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාගේ ජීවන චරිතය අළලා නිපද වූ සිරි රණසිංහ රූපාවලෝකන වාර්තා වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සනාථන සභා මණ්ඩපයේදී අනිද්දා (09 දා) සවස 5.00 ට එළිදැක්වේ.

වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස පුරා වසර 50 කට අධික කාලයක් කටයුතු කළ සිරි රණසිංහ මහතා ඉන් වසර 33 ක්ම දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කර ඇත.

ප්‍රවීණ සිනමාවේදී ක්‍රිශාන්ත දයානන්ද අධ්‍යක්ෂණය කළ මෙම වාර්තා චිත්‍රපටය නිලාන් ද සිල්වාගේ නිෂ්පාදනයකි. මෙම අවස්ථාවට සහභාගි වන්නැයි ජ’පුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ඔබ සැමට ආරාධනා කර සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment