රාජ්‍ය බැංකු දෙකක අක්‍රිය ණය බිලියන 602ක් – ඇමැති විජයදාස රාජපක්ෂ

197

සරසවි ඇදුරෝත් මිලියන 1300ක ණය ගෙවලා නෑ

රාජ්‍ය බැංකු දෙකක තුන්වැනි අදියරේ අක්‍රීයව පවතින ණය ප්‍රමාණය රුපියල් බිලියන 602කට අධික බව අධිකරණ, බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) පැවසීය.

මෙරට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ට සාධාරණ පොලියකට ණයක් ගැනීමට නොහැකිව සිටියදී එම රාජ්‍ය බැංකු ණය නැවත අයකර ගැනීමකින් තොරව අනුගමනය කරන අනුවණ ප්‍රතිපත්තිය නිසා රටට එම මුදල අහිමි වී ඇතැයි ද හෙතෙම කීය.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදෙස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය බැංකු මගින් ණය වශයෙන් ලබා ගත් රුපියල් මිලියන 1300ක් ද නැවත අයකර ගැනීමට ද එම බැංකු ක්‍රියා කර නැතැයි ද ඔහු පැවසීය.

එබැවින් මෙම මුදල් නැවත අයකර ගැනීමට රාජ්‍ය බැංකුවල විශාල ප්‍රතිශෝධනයක් අවශ්‍ය බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment