චීන රජයෙන් ලැබුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය මෙරටට භාර දෙයි.

287

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අටමහල් නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25දා) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් මහතා විසින් එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත එය භාරදීම එම රෝහල් සංකීර්ණයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. එයට අදාළ ගිවිසුම, ලිපි හුවමාරු කරගැනීම අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදුවූ අතර මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්‍රදානය කෙරුණ ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

චීන රජයෙන් ලැබුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය මෙරටට භාර දෙයි.

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය චීන මහජන සමූහාණ්ඩුව මගින් මෑතකාලීනව මෙරටට පරිත්‍යාග කෙරුණු විශාලතම ප්‍රදානයකි. මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80 ක මුදලක් වැයකර තිබේ. මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම, ඖෂධාගාරය, හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපන ශාලව ද ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment