විදුලි බිල අඩු කරන්න සැලසුමක්

224

රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 2019 වසරේදී ඉලක්ක කළ 70% ක පුනර්ජනනීය බලශක්ති නිපදවීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කර, එම අරමුණ සපුරා ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය. පුනර්ජනනීය බලශක්තිය මෙරට විශාලතම බලශක්ති ප්‍රභවයයි. එය දියුණු කිරීමෙන් ඉන්ධන සඳහා වැය වන මුදල රට තුළ රඳවා තබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉන්ධන සඳහා වැය වන මුදල අඩු වීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමටද හැකියාව තිබෙනවා. ඒ වගේම එම මුදල් වෙනත් සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට ද පුළුවන්කම ලැබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment