මහවැලියෙන් උපදෙස් අරන් එළවළු වගා කර උල්හිටියේ මුතුබණ්ඩා ලක්ෂ 60ක් හොයලා

107

මහවැලි නිලධාරීන්ගේ මඟ පෙන්වීම මත එළවළු වගාකළ ගොවි මහතෙකු රුපියල් ලක්ෂ 60ක ආදායමක් උපයාගත් බව පවසයි. ඔහු ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය අංක 75 හි පදිංචි ඩී. එම්. මුතුබණ්ඩා මහතායි. එළවළු වගාවෙන් තමන් සාර්ථක වූ ආකාරය ඔහු මෙලෙස පැහැදිලි කළේය.

“මම 1983 දී සොහොයුරාගේ උදව්වට මහවැලියට ආවා. මට කුඹුරු ලැබුණේ නෑ. ඒ නිසා අඳ කුඹුරු වැඩකළා. කොරෝනා කාලේ තමයි මම වගාවට යොමු වුණේ. පසුගිය කන්නයේ බටුපැළ 1200 ක් හිටෙව්වා. එයින් රුපියල් ලක්ෂ 42ක ආදායමක් ගත්තා. ඊට අමතරව කරවිල, වැටකොළු සහ තක්කාලි වගා කරලා රුපියල් ලක්ෂ 18 ක් ගත්තා. මගේ මේ ජයග්‍රහණයට යෝධ ශක්තියක් වූයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියයි.

මහවැලියෙන් උපදෙස් අරන් එළවළු වගා කර උල්හිටියේ මුතුබණ්ඩා ලක්ෂ 60ක් හොයලා

ගිරාඳුරුකෝට්ටේ හිටපු මහවැලි කොට්ඨාස කළමනාකාර සී. එස්. දහනායක, ජී. ජී. ආර්. ගුරුගේ, ඒකක කළමනාකාර සමීර විජිත, ක්ෂේත්‍ර නිලධාරිනී කේ. ඒ. අනෝමා ප්‍රියංගනී යන අය ගෞරවයෙන් සිහිපත් කරනවා.”

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment