ත්‍රිත්ව සහ සාන්ත ජෝශප් අපරාජිතයින්ගේ සටන අද ඇරඹෙයි

113

‘ඩයලොග් අභියෝග කුසලාන’ පාසල් වයස අවුරුදු 20 න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ සිව් වැනි සතියට මුල පුරමින් අද (16) දින තරග 04 ක් ද හෙට (17) දින තවත් තරග 02 ක් ද පැවැත්වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පියවර ගෙන තිබේ.

මෙහි සෑම තරගයක්ම පස්වරු 4.15 ට ආරම්භ කෙරෙන අතර එම තරග මහනුවර සහ කොළඹදී ක්‍රියාත්මක කෙරේ.

මෙතෙක් පැවැති තරග ආශ්‍රිතව තම අපරාජිත බව සනාථ කර ගෙන සිටින දෙපිලක් ලෙස ත්‍රිත්ව විදුහල සහ සාන්ත ජෝශප් විදුහල අද පිටියට අවතීර්ණ වන අතර ‘ඒ’ කාණ්ඩය තුළ ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 01 තහවුරු කරගෙන සිටින ත්‍රිත්ව විදුහල සහ අංක 02 ස්ථානයේ සමව රැඳී සිටින සාන්ත ජෝශප් විදුහල අතර තරගය අපරාජිතයින්ගේ සටනක් ලෙස ද ක්‍රියාත්මක වේ.

ප්‍රමුඛ පෙළ ‘බී්’ කාණ්ඩය තුළ ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 01 තහවුරු කරගෙන සිටින අපරාජිත ඉසිපතන විදුහල සහ අංක 02 ස්ථානයේ රැඳී සිටින ශාන්ත පීතර විදුහල අතර තරගයට ද මෙම සති අන්තයේ වැඩි අවධානයක් හිමිව තිබේ.

ඉකුත් සති අන්තයේ (09 සහ 10) රට තුළ ඇති වූ වාතාවරණය හේතුවෙන් කල් දමන්නට යෙදුණු තරග

05 ක් ඉදිරියේදී පැවැත්වීම කෙරෙහි සංවිධායකයින් අවධානය යොමු කර තිබේ. ත්‍රිත්ව සහ රාජකීය දෙවිදුහල් අතර තරගය පමණක් පසුගිය සිකුරාදා (08) ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී එක් ලකුණක සියුම් ජයග්‍රහණයක් ලැබීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment