අල්බොරාදා ආර්ට් හවුස්හිදී සේකර කියවමු

85

2023 ජනවාරි මස 14 වන දිනට යෙදෙන මහගම සේකර ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධානය කළ සේකර කියවමු (මහගම සේකර නිර්මාණවලෝකනය) හෙට (14 දා) මතුගම, බදුගම 7 වන පටුමග අල්බොරාදා ආර්ට් හවුස්හිදී පැවැත්වීමට නියමිතය.

‘සේකර-නව කවි මඟක පෙරගමන්කරු’ යන මැයෙන් ප්‍රවීණ කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ විසින් පවත්වනු ලබන දෙසුමකින් (පෙ.ව. 10.00 සිට 12.00 දක්වා) මෙම ගුණසමරුව ආරම්භ වන අතර ප.ව. 2.00 සිට 4.00 දක්වා තුංමංහන්දිය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඒ පිළිබඳව පෙර විවරණය සිදුකරනු ලබන්නේ යොවුන් කවියකු වන අශෝක කුලතුංග විසින්ය.

ඉන් අනතුරුව ප.ව. 5.00 සිට 8.00 දක්වා පුරා පැය 3 ක් සේකර ගී සුයාමය පැවැත්වීමට නියමිතය. සේකරයන් විසින් රචනා කරන ලද විශිෂ්ටතම ගී රැසක් ඇතුළත් සේකර ගී සුයාමයේ රස විඳුම ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රවීණ ගේය පද රචක, සාහිත්‍ය දේශක තිලක් පුෂ්පකුමාර විසින්ය. මෙම ගුණ සැමරුම සේකර ලැදි සැමට විවෘතය.

advertistmentadvertistment
advertistmentadvertistment