අද මරදානේදී නරි බුරති

266

නාට්‍යයක් කියන්නේ ප්‍රකාශන මාධ්‍යයක් – සරත් කොතලාවල

සරත් කොතලාවල විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද අතිශයින්ම විනෝදාත්මක නිර්මාණයක් වන නරි බුරති 2 නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් අද (04 වැනිදා) සවස 3.30 ට සහ 6.30ට වායුසමනය කළ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. මෙහි නිෂ්පාදක සහ ප්‍රධාන සංවිධායක ලෙස ජානක සමන්ත කටයුතු කරයි.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, හේමන්ත ඊරියගම, චින්තක පීරිස්, ජනක රණසිංහ, වජිර කොඩිතුවක්ක නරි බුරති 2 සඳහා රංගනයෙන් දායක වෙති.

අධ්‍යක්ෂ සරත් කොතලාවල නරි බුරති 2 ගැන පැවසුවේ මෙවැන්නකි.

නරි බුරති නාට්‍ය අපි ආරම්භ කළේ 2011 වසරේ. අපි ඒ නාට්‍යයේ දර්ශන වාර අටසියයක් විතර පෙන්නුවා. ඊට පසුව තමයි අපි නරි බුරති 2 නාට්‍ය ආරම්භ කළේ. මෙහි නිර්මාණය වෙලා තියෙන්නේ පොඩි දරුවන්ගේ සිට වැඩිමහල් අය දක්වා රසවිඳින්න පුළුවන් විදිහට. මේ නාට්‍යයේ දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික කියන සියල්ලම එකතුවෙලා තියෙනවා.

අද මරදානේදී නරි බුරති

නාට්‍යයක් කියන්නේ අපේ ප්‍රකාශන මාධ්‍යයක්. මේවගේ කාලයක නාට්‍යයක් කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. මොනවා වුණත් අද වෙනකොට නාට්‍ය බලන්න විශාල පිරිසක් ඉන්නවා. ඒක සුබවාදී කාරණාවක්. ඒ හින්දාම තමයි අපි නරි බුරති 2 නාට්‍යය පටන්ගත්තේ.

මේ නාට්‍යය අගෝස්තු 6 වැනිදා කොට්ටාවෙත්, අගෝස්තු 13 වැනිදා වෙන්නප්පුවේත්, අගෝස්තු 20 වැනිදා අවිස්සාවේල්ලෙත් වේදිකාගත කෙරෙනවා. ඉතිං මම හැමෝටම ආරාධනා කරනවා නරි බුරති 2 නාට්‍ය බලන්න එන්න කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment