බිළිඳාගේ මළ සිරුර ඇළ මාර්ගයට දැමූ සිද්ධියේ දෙමාපියන් සමග සීයාත් රිමාන්ඩ්

416

නිවසක් තුළ බිහිකළ බිළිඳකුගේ මළ සිරුර ඇළ මාර්ගයකට ගෙන ගොස් දැම්මේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ එම බිළිඳාගේ පියා සහ මවත් එකී සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ලවී තිබූ බිළිඳාගේ සීයාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය.

මව්පිය යුවළ ලබන 24 වැනිදා දක්වාත් බිළිඳාගේ සීයා ලබන 17 වැනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට ඉදිරිපත් කළ බිළිඳාගේ මිත්තනිය ඇපමත මුදාහැරීමට ද නියෝග කළාය.

බිළිඳාගේ මිත්තනිය රක්ෂිත බන්ධනාගාරගත කළහොත් එම පවුලේ 17 හැවිරිදි තරුණිය අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බව පෙන්වා දෙමින් නීතිඥ පසීර් මොහොමඩ් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මිත්තනිය ඇපමත මුදාහැරීමට නියෝග කළාය. මුල්ලේරියාව පොලිසියේ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්. එන්.එෆ්. වේරගල මහතා පැමිණිල්ල මෙහෙය විය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment