හර්ෂට නොදෙන පුටුව සජබටම ගන්න යෝජනාවක්

153

පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා නොදෙන්නේනම් එම ධුරය සමගි ජනබලවේගයේ වෙනත් මන්ත්‍රීවරයකුට ලබා ගැනීමට වහාම ක්‍රියා කළ යුතු යැයි යන යෝජනාවක් සමගි ජනබලවේගයේ ඉහළ නායකත්වය වෙත ඉදිරිපත්වී ඇත.

ආණ්ඩුව දිගින් දිගටම එම ධුරය හර්ෂ ද සිල්වා මහතාට ලබා නොදෙන්නේ ඔහු එම ධුරයේ මීට පෙර කටයුතු කරද්දී එම කමිටුව හමුවේ අනාවරණය වූ කරුණු ප්‍රසිද්ධ කිරීම නිසා වන බැවින් යැයි සජබයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ වනවිට පක්‍ෂයේ ඉහළ පෙළේ නායකයන්ට දන්වා තිබේ.

එබැවින් එම කමිටුවේ සභාපති ධුරය කාර්යක්‍ෂම ලෙස ඉටු කළ හැකි සජබයේ වෙනත් මන්ත්‍රීවරයකුට ලබා

ගැනීමට වහාම කටයුතු කළ යුතු බවට ද යෝජනා ලැබී ඇතැයි සජබ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment