අපිට ගැහුවොත් ඊශ්‍රායලය විනාශ කරනවා

824

ඉරාන ජනාධිපති පාකිස්තානයේදී කියයි

ඊශ්‍රායලය ඉරානයට මහා පරිමාණ ප්‍රහාර එල්ල කළහොත්, ඊශ්‍රායලය මුළුමනින්ම විනාශ කර දමන බව ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පෙරේදා (23දා) පාකිස්ථානයේදී ප්‍රකාශ කර සිටියේය.

එවැනි අවස්ථාවකදී ඊශ්‍රායලයේ සියොන්වාදී කිසිවකු ඉතිරි නොවනු ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

පාකිස්තානය ඉරානය සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තානයට සම්බාධක පනවන බවට ඇමරිකාව කළ ප්‍රකාශය අතරතුර ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment