අනතුරට පත් චීන ගුවන් යානයේ මගීන්ගේ සිරුරු කොටස් සොයා ගැනේ

359

පසුගියදා චීනයේ කඳුකර ප‍්‍රදේශයකට කඩා වැටුණු ජෙට් ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ සිරුරු කොටස් සොයා ගැනීමට අනතුරින් විපතට පත් පිරිස සොයා මෙහෙයුම්වල නිරතව සිටින චීන සහන කණ්ඩායම්වලට හැකි වී තිබේ. කෙසේ වුවද අනතුරට පත් යානයේ මගීන් කී දෙනකුගේ සිරුරු කොටස් සොයා ගත්තේද යන්න පිළිබඳව බලධාරීන් විසින් මෙතෙක් නිවේදනය කර නොමැත.

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 132 දෙනකු රැුගත් චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් බෝයිං වර්ගයේ ගුවන් යානය කුන්මින් නගරයේ සිට ගුවන්ග්සවු නගරය දකවා පියාසර කරමින් තිබියදී ඉකුත් සඳුදා (21දා) දකුණු චීනයේ කඳුකර ප‍්‍රදේශයකට කඩා වැටීම හේතුවෙන් එහි ගමන් ගත් සියලූ දෙනා මරුමුවට පත්ව ඇති බව චීන බලධාරීන් විසින් නිවේදනය කර තිබිණි. ගුවන් යානය දකුණු චීනය වෙත පියාසර කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන්නන් විසින් තවමත් හඳුනාගෙන නොමැති අතර දැනට සොයා ගෙන ඇති ගුවන් යානයේ නියමු මැදිරියේ තිබූ හඬ පටිගත කිරීමේ යන්ත‍්‍රය හරහා අනතුරට මුල් වූ හේතුව පිළිබඳව හෝඩුවාවක් ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කර සිටිති. චීන සහන කණ්ඩායම් විසින් අනතුරට පත් ගුවන් යානයේ තිබූ කළු පෙට්ටියද පෙරේදා (23දා) සොයාගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment