‘හන්තානට පායන හඳ’ යළි කරළියට

314

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් වසරකට ආසන්න කාලයක නිහැඬියාවකින් පසු යළිත් වේදිකාවට ගෙන එන ‘හන්තානට පායන හඳ’ ජනප්‍රිය ප්‍රසංගය ලබන මැයි 12 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී වේදිකාගත කෙරේ. මහින්ද බණ්ඩාර සංගීතවත් කරන මෙම ප්‍රසංගයේ ගායනයෙන් සහාය වන්නේ උමාරා සිංහවංශ සහ අමරසිරි පීරිස්ගේ ම දියණිය වන ජනනි පීරිස්ය.

පසුගිය කාල පරිච්ඡේදයේ සැත්කමකට භාජනය කිරීමෙන් පසු කලක් අමරසිරි පීරිස් වේදිකාවෙන් බැහැරව සිටියේය. එම නිහැඬියාවෙන් පසු ඔහුගේම ප්‍රසංගයක් යළි ජනගත කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ‘හන්තානට පායන හඳ’ ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ දී රංග ගත වන්නේ ද ප්‍රථම වරටය. මෙය නවමු අංග රැසකින් සමන්විත ආකර්ෂණීය ප්‍රසංගයක් ලෙස සංවිධාන කර ඇත.

අතිශය ජනප්‍රිය ගීතාවලියක් සමග ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රසංගයේ පූරකවරුන් ලෙස සමන් අතාවුදහෙට්ටි සහ නිලාර් එන්. කාසිම් කටයුතු කරයි. ඔවුන් දෙදෙනාම අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීත ගණනාවකට ගීත රචනයෙන් දායක වී තිබීමද විශේෂත්වයකි. මෙම ප්‍රසංගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දිවයින ඉරිදා සංග්‍රහහ පුවත්පත් විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment