ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුත්තේ ඇයි?

187

ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර ආරක්ෂක අභියෝග රාශියකට මුහුණ දී ඇත. මේ නිසා ජාතික ආරක්ෂාවට තවදුරටත් ප්‍රමුඛත්වය දීම අවශ්‍යතාවයක්වේ. දූපත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති මූලධර්මය වන්නේ එහි ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමයි.

තවද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ භූ දේශපාලනික නිර්ණය සඳහා විශාල බලපෑමක් ඇති කරයි. එබැවින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක න්‍යාය පත්‍රයට තවදුරටත් ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වේ. මෑත වසරවලදී ශ්‍රී ලංකාවට අභ්‍යන්තරව මෙන්ම බාහිරවද අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ආරක්ෂාවයි. ඒනිසා වඩා හොඳ අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටක් මහා බලවතුන් සමඟ මධ්‍යස්ථව සහ නොබැඳි ලෙස සිටීම සුදුසුය. වසර දහයකට පෙර ශ්‍රී ලංකාවේ පැවති දීර්ඝ කාලීන යුද්ධය අවසන් වීමත් සමග දිවයිනේ ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂක ප්‍රතිපත්තියේ වෙනසක් ඇති විය. ශ්‍රී ලංකාව සඳහා ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයන් විය යුතුය. මෙම ලිපිය ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා පරිවර්තනය සහ ජාතික ආරක්ෂාවට සහායවූ ආකාරය විශ්ලේෂණය කිරීමට උත්සාහ කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාව

ලෝක බැංකු දත්තවලට අනුව, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට දෙකකට ආසන්න මුදලක් ආරක්ෂාව සඳහා වැය කර ඇත. තවද ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රමාණය 2017 සහ 2019 අතර පුද්ගලයන් 317,000 කින් උපරිම විය. රෙජිමේන්තු පද්ධතියක් මත ව්‍යුහගත වූ ශ්‍රී ලංකා යුද හමුදාව 1881 දක්වා ලොව ප්‍රමුඛතම හමුදා බළකායන්ගෙන් එකකි. 1985 සිට වසර පහළොවක කාලය තුළ හමුදාවේ බොහෝ පරිවර්තනයන් සිදු විය. තවද බොහෝ රෙජිමේන්තු අතර සිංහ, ගැමුණු සහ ගජබා යුද හමුදාවේ පැරණිතම රෙජිමේන්තු කිහිපයකි.

මෑතකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකා රෙජිමේන්තුවලට අයත් දිගුදුර මෙහෙයුම් ඒකකය (LRRP) ලෝකයේ තුන්වන භයානකම විශේෂ බළකාය (militaryranks ‘info/2020) ලෙස ශ්‍රේණිගත කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදා ඒකකය ගොඩබිම් සටන් හැකියාවේ වැදගත්ම බලවේගයයි. තවද පාබල හමුදාවන්ට සහාය වීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තවද නවීන 155mm, කාලතුවක්කු, මල්ටි බැරල් රොකට්, T-55 ප්‍රධාන යුද ටැංකි සහ ටැංකි නාශක මිසයිල ශ්‍රී ලංකා යුද හමුදාව සතුයි. මෑත කාලයේ විවිධ ශාඛා ගණනාවකින් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව ඉහළ මට්ටමක් කරා පැමිණ ඇත. භූගෝලීය පිහිටීම අනුව අලිමංකඩ , ඉරණමඩු, පුනරීන් විඩතලතිව් ,ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරු උතුරු පළාතේ ආරක්ෂාව පවත්වා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකා යුද හමුදාව අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිය දැක්මට අනුව ශක්තියෙන් ශක්තියට ගමන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව

උපාය මාර්ගික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා සුවිශේෂී ආර්ථික කලාපය හි (EEZ) සමුද්‍රීය ආරක්ෂාවට අවධානය යොමු කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව දැනට ගොඩබෑමේ යාත්‍රා කිහිපයක්, වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළාසන්න මුර යාත්‍රාවක් සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීම සඳහා ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැදගත්ම සමුද්‍ර වත්කම් කිහිපයක් අතරින් සුපර් ඩෝරා පන්තියේ මුර සංචාරක යාත්‍රා, විශේෂ යාත්‍රා බලඝණය(SBS) ,ගොඩබෑමේ යාත්‍රා සහ නාවික හමුදාවේ ‘සමුදුර’ නෞකාවේ සිට ‘විජයබාහු ’ නෞකා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය නිරීක්ෂණ සහ සමුද්‍ර ආරක්ෂක න්‍යාය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. ත්‍රිකුණාමලය යනු බෙංගාල බොක්කෙහි පිවිසුමයි. එසේම ලොව පස්වන විශාලතම ස්වභාවික ගැඹුරු වරාය ත්‍රිකුණාමලයේ පිහිටා ඇත. ත්‍රිකුණාමල වරායේ පිහිටීම, එහි යටිතල පහසුකම් ටැංකි 103 කින් සමන්විත විශාල තෙල් ගබඩාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර ජාතික ආරක්ෂාව සඳහා වැදගත් ආරක්ෂක ලක්ෂ්‍යයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම් භූ දේශපාලනික නිර්ණය සඳහා විශාල බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සන්දර්භය තුළ අභ්‍යවකාශ ආරක්ෂක මූලධර්මය රටට අවශ්‍ය වේ. අනාගතයේ දී පවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එම්අයි -24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ කෆීර් ප්‍රහාරක ජෙට් යානා හදිසි අවස්ථාවක් සඳහා අවශ්‍ය වේ. යාපනය අර්ධද්වීපයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අභ්‍යවකාශ ආරක්ෂක සහ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සම්බන්ධීකරණය කිරීමට වැදගත් ක්‍රියාකාරිත්වයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව

ශ්‍රී ලංකාව සඳහා ඉහත කරුණුවල සාරාංශයක් පෙන්නුම් කරන්නේ ස්ථාවර දේශපාලන හා සමාජ-ආර්ථික පරිසරයක් සුරක්ෂිත කිරීම සඳහා ජාතික ආරක්ෂාව ප්‍රධානතම ලක්ෂණය බවයි. හේතුව කුමක් වුවත් ජාතික ආරක්ෂකව ගැන අනාවැකි පළ කිරීම අභියෝගාත්මක කාර්යයකි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ජයගත යුතු අභියෝග තවමත් පවතී.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුත්තේ ඇයි?

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment