භික්‍ෂූන් වහන්සේ ඇතුළු විදෙස් සංචාරකයෝ 79 ක් ශී‍්‍ර ලංකාවේ වන්දනා චාරිකාවක

220

විදේශීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 79දෙනකුගෙන් සමන්විත පිරිසක් දින 21ක ශ‍්‍රී ලංකාවේ වන්දනා චාරිකාවක් සඳහා ඊයේ (07 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් අතර භූතානයේ භික්ෂූන් වහන්සේලා 25නමක් ද, ටිබෙටයේ භික්ෂූන් වහන්සේලා 25 නමක් ද, නේපාලයේ භික්ෂූන් වහන්සේලා 09 දෙනෙක් ද ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා 10නමක් ද ඉන්දියාවේ ගිහියෝ 10 දෙනෙක් ද වූහ.

මෙම පිරිස 22 වැනිදා දක්වා දින 15ක් ශ‍්‍රී පාදස්ථානයේත්, අනුරාධපුරය, දඹුල්ල, කැලණිය සහ මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව වන්දනා කිරීමට දින 06 කාලයක් ද වැය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම සංචාරය ශ‍්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සහ සෙරෙන් (ීැරුබැ) ලංකා ආයතනය විසින් සංවිධානය කර තිබුණි.

මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 137 දරන ගුවන් යානයෙන් ඊයේ (07 දා) උදෑසන 10.20 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි.

මෙම පිරිස ලබන 28 වැනිදා මෙම වන්දනා චාරිකාව නිමා කර ආපසු ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment