ඔතේකැලේ කසිප්පු තිත්පළ එස්ටීඑෆ් එකෙන් වටලයි

192

ජාඇළ ඔතේකැලේ වගුරුබිම් සහිත ජල තීරයේ දී සිදුකරන ලද මෙහෙයුමකදී කසිප්පු නිෂ්පාදනයට යොදාගනු ලබන ගෝඩා තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීහු පෙරේදා (13 වැනිදා) සමත් වූහ.

ඔතේකැලේ කසිප්පු තිත්පළ එස්ටීඑෆ් එකෙන් වටලයි

මෙම ගෝඩා තොගය සඟවා තැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන බවද එම බළකාය කියයි. විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝනා ඒකකයේ නිලධාරීන් විසින් එම බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලබාදෙන ලද තොරතුරකට අනුව දියමත මෙහෙයුම් සිදුකරන මෝටර් බෝට්ටු කණ්ඩායම සමග එක්ව මෙම වැටලීම සිදුකර තිබේ. මෙම වැටලීමේ දී ගෝඩා ලීටර් 4680 ක්ද, යකඩ බැරල් 26ක්ද, තඹ දඟර 6ක්ද එම බළකාය භාරයට ගෙන ඇත.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment