නාවලපිටිය දැරියකුත් අපයෝජනයට ලක්කරලා

329

13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් පිරිස අතර
දැරියගේ පියා ද සිටින බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

කාන්තාව ඇතුළු පුද්ගලයින් 5 දෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර මෙම දැරියඅපයෝජනය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි

advertistmentadvertistment
advertistmentadvertistment