ආයුර්වේදයට මුවාවී ප්‍රසිද්ධියේ කරගෙන ගිය ජාඇල සම්බාහන මස් කඩේ වටලයි

172

කතුන් 8ක් සමග කළමනාකරු දැලේ

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස ව්‍යාජ ලෙස හඳුන්වා දෙමින් ජාඇල නගරයේ ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එහි සිටි රූමත් කාන්තාවන් අටදෙනෙකු සහ කළමනාකාරවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පසුගිය සිකුරාදා මෙම වැටලීම සිදුකර ඇති අතර මේ සඳහා පොලිස් උපාය දූතයෙකු යොදවා ගෙන ඇත. මෙම සම්භාහන මධ්‍යස්ථානය තුළ පොළොන්නරුව, ගම්පහ, ඌරගහ, නිට්ටඹුව, මීගමුව යන ප්‍රදේශවලින් පැමිණි 23/37 වයසේ පසුවන රූමත් කාන්තාවන් අටදෙනෙකු පොලිසිය සිදුකළ මෙහෙයුමෙන් අත් අඩංගුවට ගෙන ඇත. කොළඹ ප්‍රදේශයේ රැකියාවලට යන බව පවසමින් සම්භාහන මධ්‍යස්ථානයේ සේවය කර ඇති මෙම කාන්තාවන් පුහුණුව ලැබූ තෙරපිවරියන් නොවන බවත් මෙම ස්ථානයේ වෛද්‍යවරයෙකු නොසිටි අතර පොලිස් උපාය දූතයකු යොදවා කාන්තාවක් මිලදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදුකර ඇති බවත් පොලිසිය වාර්තා කර ඇත. කළමනාකාරවරයා ලෙස එහි සිටි පුද්ගලයා සහ කාන්තාවන් අටදෙනා ඉදිරි නීතිමය පියවර සඳහා ජාඇල පොලිසියට භාරදී ඇත. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සදනුවන්, කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මුතුකුමාරණ, පොලිස් කොස්තාපල්වරුන් වන 30378 කුමාර, 101842 සිල්වා, 102540 චාමර, 102544 රාජපක්ෂ කාන්තා පොලිස් කොස්තාපල් පූර්ණිමා, පොලිස් සැරයන් රියදුරු 39666 ජයකොඩි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment