කොළඹ අගරදගුරු පදවි පූජක සේවාවට එක්වන නවක සහෝදරතුමන්ලා එකොළොස්නමක් පූජකවරම් ලබති!

84

මෙම 2023 වසරේදී කොළඹ අගරදගුරු පදවියට එක්වන නවක තේවාචාරී සහෝදරතුමන්ලා දොළොස්නමකට පූජකවරම් දානය කිරීමේ දේවමෙහෙය, සැප්තැම්බර් මස 16 වන සෙනසුරාදා උදේ 9.00 ට රාගම තේවත්ත ලංකා අප ස්වාමිදූ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ පැවැත්වෙන දිව්‍ය පූජා යාගයේදී සිදුකෙරේ.

කොළඹ අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් මෙදින පූජකවරම් ලබන සහෝදරතුමන්ලා පිළිබඳව දිවයින දෙව්මැඳුර තබන සටහනකි.

● ප්‍රසාද් නලින් තිවංක ඩයස් සහෝදරතුමා

1992 මැයි 27 වන දින උපන් මෙතුමාගේ දෙමව්පියන් වන්නේ නිට්ටඹුව මීසමේ රන්පොකුණගම කන්‍යමරිය රාජේශ්වරියගේ දේවස්ථානයට අයත් සුබසිංහ නිශ්ශංක ෆේබියන් ඩයස් මහතා සහ වර්ණකුලසූරිය ආරච්චිගේ දෝන මාග්‍රට් නන්දාවතී මහත්මියයි. අනුර ඩයස් පියතුමා සහ සම්පත් ඩයස් වැඩිමහල් සහෝදරයන්ය.

නිට්ටඹුව රන්පොකුණගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 2009 ජනවාරි මස 09 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ඇතුළුව උසස් අධ්‍යාපනය නිමාකල මෙතුමා කළුතර දහම් සෙවන අතරමැදි දෙව්සත්හල, යාපනය සාන්ත සේවියර් දෙව්සත්හල සහ අම්පිටිය ජාතික දෙව්සත්හලින් පුරා වසර හතක් දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේය.

● මෙරිල් නිශාන් ගුණවර්ධන සහෝදරතුමා

1982 සැප්තැම්බර් මස 08 වන දින උපන් මෙතුමාගේ දෙමව්පියන් වන්නේ හංවැල්ල මීසමේ කළුඅග්ගල වික්ෂෝප දේවමාතා දේවස්ථානයට අයත් සුරවීර ආරච්චිගේ දොන් පීටර් ඔගස්ටින් ගුණවර්ධන මහතා සහ මල්ලවආරච්චිගේ දෝන ජසින්තා ග්‍රේස් මහත්මියයි. ජූඩ් ප්‍රියංක එකම සහෝදරයාය.

කළුඅග්ගල දොන් බොස්කෝ විදුහලින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ මහනාම විදුහලින් උසස් අධ්‍යාපනය නිමාකොට ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ද ලබා 2016 ජනවාරි මස 13 වන දින කොළඹ මට්ටක්කුළිය ජෝන් මේරි වියානි දෙව්සත්හලට ඇතුළු වූයේ පූජක පුතකු වීමේ අපේක්‍ෂාව පෙරදැරි කරගෙනය. පසුව කොළඹ සාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ දේවධර්ම උපාධිය ලබා 2023 අප්‍රියෙල් 29 වන දින තේවාචාරී වරම් ලබාගත්තේය.

● දොන් යොහාන් නුවන් සහෝදරතුමා

බෝපිටිය මීසමේ බෝපිටිය සාන්ත නිකුලා මුනිඳුන්ගේ දේවස්ථානයට අයත් මහදන ආරච්චිගේ දොන් පැටි්‍රක් ජයන්ත මහතාගේ සහ හේවාවසම් හග්ගල්ලගේ දොන් ඇනට් නිර්මලී සිරියලතා මහත්මිය මෙතුමන්ගේ දෙමව්පියන් ද විශාන් නිරන්තර එකම සහෝදරයා ද වේ.

කඳාන සාන්ත සෙබස්තියන් මහා විදුහලින් මූලික අධ්‍යාපනය ලබා 2008 ජනවාරි මස 15 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය ලැබීමට හා අනාගත පූජක පුතකු වීමේ සිහිනය සැබෑ කර ගන්නටය. පසුව කළුතර ‘දහම් සෙවන’ අතරමැදි දෙව්සත්හලට ඇතුළුව දෙව්දහම හදාරා මහනුවර දෙව්සත්හලට යවනු ලැබ එහිදී දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳව වසර හතක වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේය.

● ප්‍රමෝද් රංජුන පෙරේරා සහෝදරතුමා

මිදෙල්ලවිට මීසමේ නිවන්දම නිර්දෝෂ දේවමාතා දේවස්ථානයට අයත් තිලක් කිත්සිරි පෙරේරා මහතාගේ සහ චින්තා ද සිල්වා මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා ලෙස උපන් මෙතුමාගේ එකම නැගණිය වන්නේ නෙත්මිණි පෙරේරාය.

කඳාන සාන්ත සෙබස්තියන් මහා විදුහලින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා 2009 ජනවාරි මස 18 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ඇතුළු වන්නේ දේව කැඳවීමේ හඬට පිළිතුරු දෙන්නටය.

කළුතර දහම් සෙවන අතරමැදි දෙව්සත්හලින් ද දෙව්දහම හදාරා අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළුව දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වසර හතරක අධ්‍යාපනයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ සාන්ත චාර්ල්ස් බොරොමියෝ දෙව්සත්හලින් ද දේවධර්මය පිළිබඳ වැඩිදුර හදාරා 2021 මැයි මස 08 වන දින ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ආසන දෙම්මැඳුරේදී තේවාචාරී වරම් ලැබීය.

පසිඳු ඇඩොල්ෆ් ප්‍රනාන්දු සහෝදරතුමා

වෑවල මීසමේ වෑවල සාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනිඳුන්ගේ දේවස්ථානයට අයත් පාඬිගේ ජෝශප් මෙරිල් රැඩොල්ෆ් ප්‍රනාන්දු මහතා සහ උස්වත්තගේ දෝන දේවිකා ප්‍රියදර්ශනී මෙතුමන්ගේ දෙමව්පියන්ය.

රුසිරු ප්‍රනාන්දු සහ රෂිණි ප්‍රනාන්දු මෙතුමන්ගේ සොයුරු සොයුරියන්ය.

කඳාන ද මැසනඩ් විදුහලින් මූලික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබා 2009 ජනවාරි 18 වන දින මෙතුමා බොරැල්ල සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ඇතුළු වූයේ පූජක පුතකු වීමේ අධිෂ්ඨානය පෙරදැරි කරගෙනය. පසුව කළුතර ‘දහම් සෙවන’ සෙව්සත්හලේ ද දෙව්දහම හදාරා අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළුව පුරා වසර හතක් දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේය.

● විමුක්ති මධුෂාන් සහෝදරතුමා

කළුවාරිප්පුව මීසමේ කළුවාරිප්පුව සාන්ත ජෝශප් දේවස්ථානයට අයත් පාවුළු පීරිස් අප්පුහාමිලාගේ බර්ට්‍රම් රසල්ස් මහතා සහ ලින්තොටගේ සුසිලා ප්‍රනාන්දු මහත්මිය මෙතුමන්ගේ දෙමාපියන්ය. ලහිරු පැතුම් හා ඉසුරු චතුරංග සොහොයුරන් දෙදෙනාය.

මීගමුව සාන්ත ජෝශප් කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලැබීමේ හා පූජක පුතකු වීමේ අදහස පෙරදැරි කරගෙන 2009 ජනවාරි මස 18 වන දින මෙතුමා බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළත් වූයේය. කළුතර ‘දහම් සෙවන’ දෙව්සත්හලේ ද දෙව්දහම හදාරා මහනුවර ජාතික දෙව්සත්හලට ඇතුළුව, දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේය.

● මාලන් රශ්මික වාස් සහෝදරතුමා

දූව මීසමේ පිටිපන වීදිය කන්‍ය ශුද්ධ වූ දේවමාතාවන්ගේ දේවස්ථානයට අයත් මිහිඳුකුළසූරිය ඇන්ටනි රංජිත් වාස් සහ පොන්නම්පෙරුමගේ මාග්‍රට් ප්‍රනාන්දු මෙතුමන්ගේ දෙමවුපියන් යුවළයි.

රමේෂ් මධුශංක සහ මහේෂිකා රෝෂිණී එකම සහොයුරා සහ සොහොයුරියයි.

මීගමුව දූව කනිෂ්ඨ විදුහලින් මූලික අධ්‍යාපනය ලබා 2009 ජනවාරි 18 වන දින බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට මෙතුමා ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය ලැබීමට හා පූජක පුතකු ලෙස සේවය කිරීමේ දේව කැඳවීමේ හඬට පිළිතුරු සපයමිනි.

කළුතර ‘දහම් සෙවන’ අතරමැදි දෙව්සත්හලේ ද දෙව්දහම හදාරා යාපනය සාන්ත ප්‍රැන්සිස් සේවියර් දෙව්සත්හලේ ද දර්ශනවාදය පිළිබඳ අධ්‍යාපනය ලැබ අම්පිටිය ජාතික සෙව්සත්හලින් ද දර්ශනවාදය සම්පූර්ණ කොට ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා රදගුරු වසමේ සාන්ත චාර්ල්ස් බොරෝමියෝ දෙව්සත්හලට ද ඇතුළුව දෙව්දහම හදාරා ඇමෙරිකාවේදී තේවාචාරී වරම ලබාගත්තේය.

සිය තේවාචාරී සමය තුළ ඇමෙරිකාවේ සහ පසුව ලංකාවට පැමිණ කටුවපිටිය, පානදුර, නායකකන්ද, දෙහිවල සහ කඳාන මීසම්වල පූජක පුහුණුව ලද මාලන් රශ්මික වාස් සහෝදරතුමා පූජක වරම් ලබා සිය ප්‍රථම දේවමෙහෙය 2023 සැප්තැම්බර් 17 වන ඉරුදින උදේ 8.00 ට දූව මීසමේ පිටිපන වීදිය කන්‍ය ශුද්ධවූ දේවමාතාවන්ගේ දේවස්ථානයේදී සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

● ඇන්ටන් දිල්ෂාන් පෙරේරා සහෝදරතුමා

සීදුව ලියනගෙමුල්ල සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයට අයත් ඉඩිප්පුලි ආරච්චිගේ ජෝශප් ඇලෙක්ස් පෙරේරා මහතා සහ මාකවිටගේ රීටා මාරි ප්‍රියංකා පෙරේරා මහත්මියගේ එකම පුත්‍ර රත්නයයි.

මීගමුව මාරිස්ටෙලා විදුහලින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා 2010 ජනවාරි මස 17 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළු වූයේ දේව කැඳවීමක හඬට පිළිතුරු සපයමිනි.

● ෂෙහාන් රාජීස් ප්‍රනාන්දු සහෝදරතුමා

වැල්ලවීදිය මීසමේ වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයට අයත් වර්ණකුලසූරිය ඩික්සන් ප්‍රනාන්දු මහතා සහ වර්ණකුලසූරිය මේරි රෝස් ප්‍රනාන්දු මහත්මිය මෙතුමන්ගේ දෙමවුපියන්ය. ශ්‍රී නිරෝෂා වැඩිමහල් සහෝදරිය වන අතර ක්‍රිස්ටි ඩිල්ෂාන් වැඩිමහල් සහෝදරයාය.

මීගමුව සාන්ත මරියා මහා විදුහලින් මූලික හා උසස් අධ්‍යාපනය නිමාකොට 2009 ජනවාරි මස 18 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළු වූයේ පූජක පුතකු වීමේ අපේක්‍ෂාවෙනි.

කළුතර ‘දහම් සෙවන’ අතරමැදි දෙව්සත්හලේ ද දෙව්දහම හදාරා අම්පිටිය ජාතික දෙව්සත්හලින් හා යාපනය සාන්ත ප්‍රැන්සිස් සේවියර් දෙව්සත්හලෙන් ද දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේය.

● නිමේෂ් සුරංජන සහෝදරතුමා

තරාල මීසමේ තරාල සිරිකුරුස දේවස්ථානයට අයත් කන්නන්තො පටබැඳිගේ ජානක ඉන්ද්‍රජිත් මහතා සහ මුහන්දිරම්ගේ දෝන නාලිකා මහත්මියගේ පුත්‍රරත්නයක් වූ මෙතුමාගේ බාල සහෝදරයන් දෙදෙනා වන්නේ, එෂාන් රන්දික සහ නවීන් ශාවින්දය.

ඕවිටිගම කනිටු විදුහලින් හා තරාල සිරිකුරුස විදුහල් වලින් මූලික හා උසස් අධ්‍යාපනය හමාර කොට 2009 ජනවාරි 18 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළු වූයේ පූජක පුතකු වීමේ දැඩි අධිෂ්ඨානය පෙරදැරි කරගෙනය. කළුතර දහම් සෙවන දෙව්සත්හලින් දෙව්දහම හදාරා, අම්පිටිය ජාතික දෙව්සත්හලින් දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වසර හතක වැඩිදුර අධ්‍යාපනයෙන් පසුව 2023 අප්‍රේල් 29 වන දින තේවාචාරී වරම ලැබීය.

● ලක්ෂාන් මධුශංක සිල්වාපුල්ලේ සහෝදරතුමා

වැලිහේන මීසමේ වැලිහේන ශුද්ධවූ කයිතානු මුනිඳුන්ගේ දේවස්ථානයට අයත් ඇල්ෆ්‍රඩ් ලයනල් සිල්වාපුල්ලේ මහතාගේ සහ ඇනිටා මැක්ෂිමස් ලියොනිස් පුල්ලේ මහත්මියගේ පුත්‍රරත්නයක් ලෙස මෙලොව එළිය දුටු මෙතුමාගේ සහෝදර සහෝදරියන් වන්නේ ලක්‍ෂිණි මහේෂිකා සහ ලක්මාල් මධුවන්තය.

මීගමුව කොච්චිකඩේ දළුවකොටුව සාන්ත ආනා මහා විදුහලින් මූලික හා උස් අධ්‍යාපනය ලබා 2010 ජනවාරි මස 17 වන දින කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළු විය. කළුතර ‘දහම් සෙවන’ දෙව්සත්හලේ ද දෙව්දහම හදාරා යාපනය සාන්ත ප්‍රැන්සිස් සේවියර් හා අම්පිටිය ජාතික දෙමව්සත්හල්වලින් දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා 2023 අප්‍රේල් 29 වන දින තේවාචාරී වරම ලබාගත්තේය.

● දිල්ශාන් මාලින්ද පෙරේරා සහෝදරතුමා

කොටුගොඩ මීසමේ කොටුගොඩ ශුද්ධවූ කයිතානු මුනිඳුන්ගේ දේවස්ථානයට අයත්, උස්වත්ත ලියනගේ ග්‍රැන්විල් සිරිලාල් පෙරේරා මහතාගේ සහ සමරසේකර ඕකඳපොල ආරච්චිගේ දීපිකා නාලනී සමරසේකර මහත්මියගේ බාල පුතණුවන් ලෙස මෙලොව එළිය දුටු මෙතුමාගේ වැඩිමහල් සහෝදරයා වන්නේ විශ්වා එරන්ද පෙරේරාය.

රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා 2010 පෙබරවාරි 07 වන දින, කොළඹ බොරැල්ල සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ඇතුළත් වූයේ දේවකැඳවීමක හඬ සවන් වැකීමෙනි.

කළුතර ‘දහම් සෙවන’ අතරමැදි දෙව්සත්හලින් ද දෙව්දහම හදාරා මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළුව පුරා වසර හතක් දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාගත් මෙතුමා 2023 අප්‍රේල් 29 වන දින තේවාචාරී වරම ලබාගත්තේය.

තේවාචාරී පූජක පුහුණු කාලය තුළ දළුපත හා රාවතාවත්ත මීසම්වල සේවය කළ දිල්ශාන් මාලින්ද පෙරේරා සහෝදරතුමා, පූජකවරම් ලබාගෙන, සිය කුළුඳුල් දිව්‍ය පූජා යාගය 2023 සැප්තැම්බර් 17 වන ඉරුදින උදේ 8.30 ට කොටුගොඩ ශුද්ධවූ කයිතානු මුනිඳුන්ගේ දේවස්ථානයේදී සිදුකිරීමට කටයුතු සංවිධානය කොට ඇත.

ටී. සුනිල් ප්‍රනාන්දු සහ ප්‍රියංග සම්පත්

කොළඹ අගරදගුරු පදවි පූජක සේවාවට එක්වන නවක සහෝදරතුමන්ලා එකොළොස්නමක් පූජකවරම් ලබති!

advertistmentadvertistment
advertistmentadvertistment