KSK හි කවුද මේ බරිනි – කලණි විජේබණ්ඩාර

245

මේක මගේ පළමු සිනමා අත්දැකීම

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන අධිරාජ්‍යයාට එරෙහිව අධිරාජ්‍යයා ‘ක්ෂීර සාගරය කැළඹිණ. KSKහි බරිනි ඇයයි. ඇත්තටම KSK නරඹපු ගොඩක් දෙනෙක් විමසන්නේ කවුද මේ බරිනි කියලා. ඒ නිසාම අපි මේ බරිනිගේ වගතුග මොනවාද යන්න විමසන්න හිතුවා.

● කවුද මේ බරිනි?

බරිනිගේ චරිතය රඟපාන මගේ සැබෑ නම කලණි විජේබණ්ඩාර. මම වෘත්තීය නර්තන ශිල්පිණියක් විදිහට කපිල පලිහවඩන ගුරුතුමා ළඟ වැඩ කරනවා. අපේ නර්තන ආයතනයේ නම නටන්ඩා ඩාන්ස් තියටර් ශ්‍රී ලංකා. මම දැනට අවුරුදු විස්සක විතර කාලයක ඉඳලා නර්තනයේ යෙදෙනවා. අපේ නර්තන ආයතනයෙන් වාර්ෂිකව පවත්වනවා නර්තන ප්‍රසංගයක්. දවසක් ඒක බලන්න ජැක්සන් ඇන්තනී මහත්මයා ආවා. ජැක්සන් සර් තමයි අපේ ආයතනය ගැන සුනිල් සර්ට කියල තිබුණේ. අපි මුලින්ම ඒ දෙපළට ඩාන්සින් ප්‍රසන්ටේෂන් එකක් කළා. ඊට පස්සෙ තමයි මට බරිනිගේ චරිතය ලැබුණේ.

KSK හි කවුද මේ බරිනි - කලණි විජේබණ්ඩාර

● බරිනිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

මේක මගේ පළමු චිත්‍රපටය. ඇත්තටම අපේ නර්තන ආයතනයට චිත්‍රපට කරලා ලොකු අත්දැකීමක් තිබුණේ නෑ. සුනිල් සර් ජැක්සන් සර්ගෙන් ලොකු ප්‍රතිචාර ලැබුණා. අපේ නටන්ඩා ආයතනයේ කන්ටෙම්පරි කියන ස්ටයිල් එක තමයි මේ චිත්‍රපටය පුරාවට තියෙන්නේ. මේක පිටරටවල ප්‍රසිද්ධ ස්ටයිල් එකක්. මේ ස්ටයිල් එක ඉගෙන ගත්තේ කපිල පලිහවඩන සර්ගෙන්.

● කලණි නර්තන ශිල්පිනියක් වෙන්න හිතුවේ ඇයි?

මෙහෙමයි. මම පාසල් ගියේ සපුගස්කන්ද විශාඛා බාලිකා විiාලයට. නමුත් මම ඉස්කෝලෙ කාලේ නර්තනය හැදෑරුවේ නැහැ. මට නර්තන හැකියාවක් තිබෙනවා කියලත් දැනගෙන හිටියේ නෑ. ක්‍රීඩාවට තමයි වැඩිපුර කැමති. කපිල පලිහවඩන සර් ඉස්කෝලෙට ඇවිල්ලා නර්තනය ඉගැන්නුවා. මම ඉස්කෝලේ 06 වසරේදී තමයි නර්තනයට එක් වුණේ.

KSK හි කවුද මේ බරිනි - කලණි විජේබණ්ඩාර

● නටන්ඩා නර්තන කණ්ඩායම ගැන කතා කළොත්?

නටන්ඩා නර්තන කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරයා කපිල පලිහවඩන. මේක ලංකාවේ පළමු කන්ටෙම්පරි ඩාන්ස් ඇකඩමි එක.

● මේ වන විට ඔබේ නර්තන කණ්ඩායමටත් ප්‍රතිචාර ලැබෙනව ඇති?

දැන් මේ චිත්‍රපටය හරහා මගේ චරිතය ගොඩක් එළියට ආවා. මේක නටන්ඩා එකටත් ලොකු අත්දැකීමක්. මේ චිත්‍රපටය අපිට ලොකු අවස්ථාවක්. දැන් හම්බවෙන ප්‍රතිචාර එක්ක ගොඩක් සතුටුයි. මේ ස්ටයිල් එක මීට අවුරුදු විස්සකට කලින් ලංකාවේ අය භාර නොගත්තාට දැන් ඒ තැනට අවුරුදු විස්සකට පසුව හරි ඇවිත් තිබෙනවා කියන එක ගැන ලොකු සතුටක් තිබෙනවා.

මෙහි නර්තනය වෙනුවෙන් කේබල් භාවිත කළාද?

නැහැ. කිසිම කේබල් එකක් භාවිතා කළේ නැහැ. මේක මගේ ස්වාභාවික නර්තනයක්.

කන්ටෙම්පරි නර්තන ශෛලියට ලැබෙන ආරාධනා අඩුද?

මේ ස්ටයිල් එක ගොඩක් තේරුම් ගන්න අමාරු ස්ටයිල් එකක්. එතකොට මේකේ ඕඩියන්ස් එක ටිකක් වෙනස්. අනික අපි තීම් එකකට තමයි ඩාන්ස් එක කරන්නේ. ඒ තීම් එක අපි ඩිරෙක්ට් දෙන්නේ නැහැ. ඒක ගැඹුරින් හිතුවහම රසවිඳින්න වෙන විදිහ වෙනස්. මේ ශෛලිය ප්‍රසංග තියන මට්ටමට ඇවිත් නෑ. ඒ වුණාට අපිට වෙනම පිරිසක් ඉන්නවා.

පවුලේ විස්තර?

තාත්තා ඉන්නවා. අම්මා ජීවතුන් අතර නැහැ. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. මගේ පොඩි අක්කත් නර්තනය හදාරපු කෙනෙක්. දැන් එයා විදෙස්ගත වෙලා ඉන්නේ. මම දැන් විවාහකයි. මට දැන් ඔහුගෙන් නර්තනයට ලොකු සහයෝගයක් ලැබෙනවා.

නර්තනයට සැමියාගෙන් බාධාවක් නැතිද?

මේ ෆීල්ඩ් එක අමුතුයි. කොස්ටියුම් අමුතුයි. ඒ හින්දා මේ නර්තන ශෛලියට නිදහස ඕනෑ. ඉතිං මාව හිර කරන්නේ නැතිව ඒ නිදහස මට සැමියා උපරිම විදිහට ලබාදීලා තිබෙනවා. තාත්තා මාව වැඩිදුරක් අරගෙන ආවා. කොස්ටියුම් ප්‍රශ්න මට නැහැ.

කලණිගේ වෘත්තිය?

මගේ වෘත්තිය වෙන්නෙ නර්තනය.

නර්තනය වෘත්තියක් විදිහට තෝරාගන්න පුළුවන්ද?

මම උසස් පෙළින් පස්සේ තමයි මේක වෘත්තියක් විදිහට පටන් ගත්තේ. නර්තනය වෘත්තියක් විදිහට කරන්න විශ්වාසයක් ඇති වෙලා තියෙනවා.

පාසල් කාලයේ ජිම්නාස්ටික් හෝ වෙනත් ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා තිබෙනවාද?

ජිම්නාස්ටික් කරලා නැහැ. ක්‍රීඩා නම් කරලා තිබෙනවා. නෙට් බෝල්” ෆුට් බෝල්” වොලි බෝල් කියන ක්‍රීඩා තුනම කරලා තිබෙනවා. මම ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට්ස් පැත්තෙන් කැපී පෙනෙන චරිතයක්. ඉස්කෝලේ යන කාලේ ග්‍රවුන්ඩ් එකේම තමයි හිටියේ.

ජාතික මට්ටමට තරඟ වැදුනද?

ඔව්… ඔව්… පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ ක්‍රීඩා තරගවලට සහභාගි වෙලා තියෙනවා.

ක්‍රීඩාව අතහැර නර්තනයට ආවෙ?

පාසල් කාලයෙන් පස්සේ ක්‍රීඩාවෙන් ඉදිරියට යනවා කියන අදහසේ තමයි හිටියේ. එතැනින් එහාට ගෙනියන්න මට හොඳ පුහුණුකරුවෙක් හිටියෙ නැහැ. මේ හේතුව නිසාම නර්තනයෙන් ඉදිරියට යන්න සිදුවුණා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment