DFC වෙතින් කොළඹ වරායට ඩොලර් බිලියන භාගයක්

110

ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) ඊයේ දින නිවේදනය කළේය.

තම හවුල්කරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සඳහා සහාය වන, ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා ආයොජනය කරන සහ දේශීය මූල්‍ය තත්ත්වයන්ට ගරු කරන, උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බව ද එම නිවේදනයේ දැක්වෙයි. මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හා ඉන්දියාව සමග ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීමයි යනුවෙන් ද එහි සඳහන්ය.

කොළඹ වරාය තුළ පිහිටා ඇති ගැඹුරු ජල බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට සහාය වීම සඳහා Colombo West International Terminal Private Limited වෙත ඩොලර් මිලියන 553 ක මූල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය සඳහා DFC ප්‍රධාන විධායක නිලධාරි (CEO) ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලී චංග් මහත්මිය මෙම නව පර්යන්තය උත්සාවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරි නේතන් මහතා සමඟ එක් වූහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment