National Trauma Conference 2023 – හෙට සහ අනිද්දා

74

හදිසි අනතුරු ජාතික සමුළුව (National Trauma Conference 2023) හෙට සහ අනිද්දා (10 සහ 11 දා) කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුවේ පූර්ණ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය උපාලි පුවත්පත් සමාගමේ ‘දිවයින’,’The Island’, ‘නවලිය’ පුවත්පත් ලබා දෙයි.

National Trauma Conferenceහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ආරක්‍ෂක උපදේශක සාගල රත්නායක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛi අලාකා සිං යන අය සහභාගි වෙති. මෙම සමුළුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛi අසේල ගුණවර්ධන සහභාගි වීමට නියමිත අතර මේ සඳහා රටවල් 6 ක වෛද්‍යවරුන් සහභාගි වීමට නියමිතය.

මෙම සමුළුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධනගේ මෙහෙයවීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු පිළිබඳ ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මේ සඳහා අනුග්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment