ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍යය අදත් ලෙඩ වෙයි – හමුදාව පිහිටට එයි

316

දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඊයේ (13 දා) ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අඩපණ වූ රෝහල් කටයුතු යම් මට්ටමින් හෝ පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීම් අනුව ත්‍රිවිධ හමුදාවේ 1200ක පමණ පිරිසක් ඊයේ දහවල් වනවිට රෝහල් රැසකට යොමුකර තිබිණි.

රෝහල්වලින් සිදුකෙරෙන ඉල්ලීම් අනුව රෝහල් කටයුතු පවත්වාගෙන යෑම සඳහා තවත් පිරිස් යෙදවීමට කටයුතු කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.

ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍යය අදත් ලෙඩ වෙයි - හමුදාව පිහිටට එයි

රෝහල්වලින් කරන ලද ඉල්ලීම් අනුව යුද හමුදාවේ 900ක පමණ පිරිසක් ඊයේ දහවල් වන විට කොළඹ ජාතික, කළුබෝවිල, කරාපිටිය, මහනුවර ඇතුළු රෝහල් 48කට යොමු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවසීය.

නාවික හමුදාවේ 55ක් පමණ ත්‍රිකුණාමලය සහ වැලිසර රෝහල්වල සත්කාරක සේවා සඳහා යොමුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

ගුවන් හමුදාවේ ද 200ක පමණ පිරිසක් රෝහල් කිහිපයකින් කරන ලද ඉල්ලීම අනුව යෙදවීමට කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. මෙම පිරිස අතර ත්‍රිවිධ හමුදාවේ හෙදියන්, සහායකයන් ඇතුළු පිරිසක් වෙති. අවශ්‍යතාවය අනුව භාවිතයට ගැනීම සඳහා ගිලන් රථ කිහිපයක් ද ලබා දීමට කටයුතු කර තිබූ බව ද වාර්තා විය.

ඇතැම් රෝහල්වල රෝගීන්ට අවශ්‍ය ආහාර පානාදිය ලබාදීම සඳහා හමුදා කණ්ඩායම් මුළුතැන්ගෙවල්වල ද කාර්යයන් සිදුකිරීමට සහභාගි වී සිටියහ.

අපට වාර්තා කළෝ –

මහවැව අමරනන්ද විජේසේකර, වේයන්ගොඩ ඉන්දික තුෂාර, නොච්චියාගම එච්. එම්. පී. ජී. පෙරේරා, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක, හිඟුරක්ගොඩ – සුසිල් කරුණාතිලක, මත්තල – දිලීප් ජයසේකර, ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි, කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ, බලන්ගොඩ – එන්. එච්. පියසේන

චමින්ද සිල්වා

සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් රජය ඊයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment