ශ්‍රී ලංකාවට ලැබෙන IMF ණය ගැන කළමනාකාර අධ්‍යක්‍ෂ සතුට පළකරයි

140

රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවට පත්වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය සතුට පළකර ඇත.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ මෙය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා වැදගත් පියවරක් වනු ඇති බවයි.

පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මෙරට බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසු කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණු අතර මාස 48 ක වැඩපිළිවෙළක් යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් ලංකාවට ලැබීමට නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment