එළවළු පරිභෝජනය සියයයට පනහකින් පමණ අඩුවෙලා

132

ගැනුම්කරුවෝත් අඩුයි

පාරිභෝගිකයෝ එළවළු පරිභෝජනය සියයට 50 න් අතහැර දමා තිබෙන බවත් සැපයෙන එළවළු තොග මිලද අස්ථාරවී තිබෙන බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ලේකම් අයි.ජී. විජයානන්ද මහතා ඊයේ ( 14දා) පැවැසීය. එළවළු තොග මිල පහළ ගිය බවත් එළවළු තොග ගැණුම්කරුවන් එළවළු ප්‍රවාහනයෙන් ඉවත්වී සිටින බවත් ඔහු පැවැසීය.

පෙරේදාට සාපේක්ෂව ඊයේ එළවළු තොග සැපයීම ඉහළ ගොස් ඇත. දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු කිලෝ ලක්ෂ 10ත් 15ත් අතර ප්‍රමාණයක් ලැබුණ බවත් පහතරට එළවළු තොග මිල පහළ ගිය බවද පැවැසීය. මාළු මිරිස් සහ බෝංචි මිල ඉහළ ගොස් ඇත.

දඹුල්ල තොග වෙළෙඳපොළට දිවයින පුරා ප්‍රධාන නගර උප නගර වෙළෙඳ මධ්‍යස්ථානවලින් තොග ගැණුම්කරුවන් පැමිණි බවත් පවතින ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඔවුන්ගෙන් වැඩි පිරිසක් එළවළු තොග ප්‍රවාහනයෙන් ඉවත්වී සිටින බව ද විජයානන්ද මහතා පැවැසීය.

දරාගත නොහැකි ලෙස එළවළු මිල ඉහළ යාමත් සමග පාරිභෝගිකයෝ එළවළු පරිභෝජනය සියයට 50කින් අඩු කිරීමට පියවර ගෙන ඇත. ඊයේ එළවළු තොග අලෙවිය ඉතාම මන්දගාමී තත්වයේ පැවැතුණ බව ද ඔහු පැවැසීය.

බෝංචි කිලෝවක් 350ක් මාළු මිරිස් කිලෝවක් 450ක් කැරට් කිලෝවක් 100ත් 120ත් ලීක්ස් කිලෝවක් 220ක් වම්බටු කිලෝවක් 120ත් 150ත් ගෝවා කිලෝවක් 30ත් 40ත් අමු මිරිස් කිලෝවක් 200ත් 230ත් රාබු කිලෝවක් 50ත් 60ත් තක්කාලි 150ත් 160 අතර තොග මිලකට අලෙවි වූ බවද පැවැසීය. පහතරට එළවළු තොග මිල පහළ මට්ටමක පැවැතිණි.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment