ඩ්‍රෝන තාක්ෂණයෙන් දින ගණනක් ඔත්තු බලා යාල වනෝද්‍යානයේ ගංජා හේන් හතරක සරුවට වැඩුණු ගංජා ගස් 26200ක් වනසයි

111

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දින හතරක් තිස්සේ (පෙබ 10,11,12 සහ 13) ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කර යාල රක්ෂිතය තුළ සිදුකළ වැටලීම් වලදී ගංජා හේන් හතරක් සොයාගෙන ඇත.

යාල ජාතික වනෝද්‍යානයේ ලෝලු‍වාගල ප්‍රදේශයේ සාර්ථකව වගාකර තිබූ අක්කර එක බැගින් වූ හේන් තුනක් සහ අක්කර කාලක පමණ හේනක් මෙලෙස සොයාගෙන තිබේ.

ඒවායේ අඩි දහයක් පමණ උසට වැඩුණු ගංජා ගස් විසිහයදහස් දෙසියයක් පමණ තිබී ඇත.

පළමු හේන් දෙකේ ගංජා ගස් අටදහස බැගින්ද දෙවන ගංජා හේනේ ගංජා ගස් හත්දහස් පන්සියයක්ද අක්කර කාලේ හේනේ ගංජා ගස් එක්දහස් හත්සියයක්ද තිබී ඇත.

සියලු‍ම ගංජා හේන් කපා පුළුස්සා විනාශකර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ උ.පො.ප එම්.සී.එස් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment