සැමියා ගෙදරින් එළියට බහින කොටම දොර ළඟ සිටි අලියා පහර දුන්නා

81

සේරුනුවර විල්ගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (14) අලුයම 5 ට පමණ සිය නිවස ඉදිරියේ දී අලියෙකු පහරදීමෙන් මියගොස් ඇතැයි සේරුනුවර පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ විල්ගම්වෙහෙර සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකි.

අලුයම නිවස ඉදිරිපිට පොල්ගස් පෙරලන ශබ්දයක් ඇසී එය බැලීමට එළියට ආ අවස්ථාවේදී මෙම අනතුරට ගොදුරුවී ඇති බව පොලිසිය කියයි. වත්තේ පොල් ගස් විශාල ප්‍රමාණයක් හානි කොට බිම පෙරළා දමා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ ( 14) තෝපූර් හදිසි මරණ පරීක්ෂක රෑමි නූරුල්ලා මහතා විසින් පැවැත්වූ අතර එහිදී මියගිය අයගේ බිරිඳ කියා සිටියේ ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි. පාන්දර අලි පොල් ගස් පෙරලන ශබ්දයට මහත්තයාත් මමත් දොර ලඟට ආවා. මම පත්තු කරලා දුන්න පන්දමත් අරගෙන එළියට බහිනකොට අලියා දොර ලඟම. මහත්තයා ගෙට පනින්න හදනකොට අලියා සරමෙන් තමයි ඇදලා අරගෙන ගැහුවේ . අලියා පහරදීම නිසා සිරුරට සිදුවී ඇති බරපතළ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවට නිගමනය කළේය.

සේරුනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment