උඩවලව ඇතින්නියගේ පහර දීමෙන් ඇත්ගොව්වා මරුට

156

උඩවලව ඇත් අතුරු සෙවණේ අනියම් සේවක ඇත් ගොව්වකු ලෙස සේවය කළ තරුණයකු ඇතින්නක් පහරදීම හේතුනව මියගොස් ඇති බව වාර්තා වේ. පෙරේදා 7 දා පෙරවරුවේදී උඩවලව ඇත් අතුරු සෙවණේ ආසන්නයේ ඇති අලි රැඳවුම් මධ්‍යස්ථානය, ඇත් ගාලක බැඳ දමා තිබූ මෙම ඇතින්න දිය නෑවීම සඳහා වැවට ගෙනයෑමට දම්වැල් මෙම සේවකයා විසින් ලිහා දමා ඇත. ඉන් පසුව ඇතින්න විසින් මෙම අනියම් සේවක ඇත් ගොව්වා වෙත පහරදීම සිදු කර තිබේ.

ඉන් පහරකෑමට ලක්වූ තරුණයා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙම ඇතා අධිකරණ නියෝග මත වනජීවී දෙපාර්තමේන්තුව යටතට පත්කර උඩවලව වනෝද්‍යානයේ එවැනි අලින් රඳවන මධ්‍යස්ථානයක රඳවා තබා ඇත.

මෙම ඇතින්න ඉතා දරුණු බවත් එහෙත් තමන්ට එම ඇතින්න ඉතා හීලෑ බවත් මියගිය තරුණයා ප්‍රදේශවාසීන් සමග විටින්විට පවසා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පනහඩුව, කොළඹගේආර උඩවලව පදිංචි වනසූරිය මුදියන්සේලාගේ ඉෂාර වනසූරිය (24) වයසැති තරුණයකි.

ඕමල්පේ – ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment