ESOFT කීර්තිමත් ජාත්‍යන්තර සරසවි ආචාර්ය උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දෙයි

60

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus කොළඹ One Galle Face Business Tower හි පිහිටි තම Campus One ශාඛාව හරහා ඉකුත්දා සිට නවතම ආචාර්ය උපාධි පාඨමාලා දෙකක් පිරිනැමීම ආරම්භ කරන ලදී.

මෙම ආචාර්ය උපාධි පාඨමාලා අතරට Kingston සරසවිය මගින් ප්‍රදානය කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම බි්‍රතාන්‍ය ආචාර්ය පාඨමාලාව සහ Manipal GlobalNXT සරසවිය ESOFT සමඟ සහයෝගීතාවයෙන් ප්‍රදානය කරන ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධි පාඨමාලාව (DBA) ඇතුළත් වේ. ESOFT සභාපති/ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ නිර්මාතෘ ආචාර්ය දයාන් රාජපක්ෂ, Kingston සරසවියේ ආධුනිකත්ව සහ ශාස්ත්‍රීය සහයෝගීතා අංශ ප්‍රධානී මෙන්ම සිවිල් ඉංජිනේරුවේදය පිළිබඳ මහාචාර්ය මුකේෂ් ලිම්බාචියා සහ Manipal GlobalNXT සරසවියේ ආයතනික සබඳතා සහ සහයෝගීතා අංශ ප්‍රධානී සංජීව කුමාර් යන මහත්වරුද, පාඨමාලාවලට සම්බන්ධ නියෝජිතයෝ සහ සුපරීක්ෂකවරු ඇතුළු පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment