පැසිපන්දු කණ්ඩායම අද තායිලන්තයට

142

තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන ආසියානු පැසිපන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (11 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

රටවල් 8 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වීමට නියමිත මෙම තරගාවලිය ලබන 13 සිට 19 දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අංජලී ඒකනායකට හිමිව තිබෙන අතර “ඒ” සහ “බී” කාණ්ඩ යටතේ තරගාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකාව එහිදී “බී” කාණ්ඩයේ යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය කසකස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මෙම කාණ්ඩය යටතේ ජෝර්දානය සහ තායිලන්තය ද අනෙක් කණ්ඩායම් ලෙස තරග වදින අතර ඉන්දුනීසියාව ඉරානය මාලදිවයින සහ මොංගෝලියාව “ඒ” ඛාණ්ඩය නියෝජනය කරන රටවල් වේ.

ඡායාරූපය-කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment