රිෂාඞ් යළි රිමාන්ඞ්

386

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 21 දා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (07 දා* නියෝග කළේය.

එම නඩුව ඊයේ (07 දා* කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් සිය අධිකරණයේ නිගමනය ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බව ප‍්‍රකාශයට පත්කරමින් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment