පිටකොටුවේ වෙළෙඳසළේ ගින්නෙන් සේවිකාවක් මරුට

1602

කොළඹ දෙවන හරස් වීදියේ රෙදිපිළි තොග වෙළෙඳසලක පසුගියදා හටගත් ගින්නකින් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සේවිකාවක් (03) දින මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ තලවකැලේ වටගොඩ වත්තේ පහළ කොටසේ පදිංචිව සිටි විජයම් ගයන්ති නමැති (22) හැවිරිදි තරුණියෙකි.

පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් මීට වසරකට පමණ ප්‍රථම තම දියණිය කොළඹ රෙදිපිළි අලෙවිසැලේ සේවයට ගිය බවත්, ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා මියගිය තරුණියගේ රෝගාතුර වී සිටින බවත්, මියගිය තරුණියට වැඩිමහල් සොහොයුරන් දෙදෙනකුද සිටින බවයි පවුලේ ඥාතීන් කියා සිටින්නේ.

තම මව සහ පියාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීමට සහ ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය මුදල් මාසිකව මියගිය තරුණිය විසින් එවූ බවත්, මීට සිව් මසකට ප්‍රථම අවසන් වරට දියණිය නිවසට පැමිණි බවයි මියගිය තරුණියගේ ඥාතීන් කියා සිටියේ.

වටගොඩ දමිළ මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති විජයම් ගයාන්ති තම අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොලැබුණු නිසා ඇය මෙසේ රෙදි පිළි අලෙවිසලක සේවයට ගිය බවයි ඥාතීන් කියා සිටියේ.

මියගිය විජයම් ගයන්තිගේ සිරුර (03) දින රාත්‍රියේ වටගොඩ පිහිටි නිවසට රැගෙන එන බවත්, ලබන (05) දින වටගොඩ පොදු සුසාන භූමියේ අවසන් කටයුතු සිදු කරන බවයි මියගිය ඥාතීන්ගේ ඥාතීන් කියා සිටියේ.
ජායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment