කැලණිය සරසවි සිසුවකු මිය යයි

188


කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් නමැති සිසුවෙකි
ඔහු මොනරාගල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් වන අතර ඔහුට ඊයේ (24) රාත්‍රී 10ට පමණ මීමැස්මොර රෝගී තත්ත්වයක් හට ගෙන ඇත
ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළත් නිරෝෂණව රෝහල්ගත කිරීමට වාහනයක් අදාළ ස්ථානයට පැමිණීමට බොහෝ වේලාවක් ගතවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් චෝදනා කර සිටී

advertistmentadvertistment
advertistmentadvertistment