ණය ගෙවා ගන්න බැරි වූ දෙදරු පියා ගෙල වැලලාගෙන නසී

175

දඹගල්ල පොලිස් වසමට අයත් මාගන්දන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව ඉකුත් (16 දා) වෙනිදා ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල, මාගන්දන, ගල්බොක්කපාර පදිංචි කේ. එම්. සුදේශ් පුෂ්පකුමාර (36) නමැති අයෙකි.

කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන හෙතෙම පෞද්ගලික මූල්‍ය සමාගමකින් රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් ලබාගෙන් ඇත්තේ මාසිකව රුපියල් තිස් හතරදහසක වාරිකයක් ගෙවීමේ පොරොන්දුව මතය. නමුත් ව්‍යාපාරික කටයුතු අඩාලවීම නිසා වාරික කිහිපයක් ඔහුට ගෙවීමට නොහැකිවී ඇත. අදාළ මූල්‍ය සමාගමේ නිලධාරීන් සහ ඇපකරුවන් ණය මුදල් ගෙවන ලෙස ඔහුට නිතර කරදරකිරීම නිසා සිත්තැවුලට පත්ව ගෙවත්තේ ගසක් එල්ලී ඔහු සියදිවි හානිකරගෙන තිබේ.

දඹගල්ල හදිසි මරණ පරීක්ෂක කේ. එම්. ජයසුන්දර මහතා විසින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පවතවන ලද ඔහුගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණයේදී එම කරුණු අනාවරණය විය. දඹගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment