හරීන්ට එරෙහි සංදේශය භාර ගන්න ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බැහැ කියයි

209

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශය රටේ ජනතාවගේ මතය නොවන බව කියමින් අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් ඊයේ (27දා) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීමට ගිය ද එම කාර්යාලය එය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ දේශද්‍රෝහී සහ ව්‍යවස්ථා විරෝධී මෙම ප්‍රකාශය මෙන්ම ඉන්දියාවේ වුවමනාවට මෙරට ජාතික සම්පත්, ආර්ථික සහ ආරක්‍ෂක මර්මස්ථාන විකිණීම සහ ‘එට්කා ගිවිසුමට’ එරෙහිව මෙරට ජනතාවගේ විරෝධය පළ කිරීම සඳහා මෙම සංදේශය ඉන්දියානු මහ කොමසාරිස්වරයාට භාරදීමට තීරණය කළ බව එම සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

සංදේශය භාරදීමට එම පිරිස පැමිණෙන අවස්ථාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අසල දැඩි පොලිස් ආරක්‍ෂාවක් ද යොදවා තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment