තරුණ පරපුර ‘අයිස්වලින්’ බේරාගැනීමට වහාම පියවර ගත යුතුයි

180

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව වෛද්‍ය පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කරයි.

එමෙන්ම, මෙරට පාසල් සිසුන් සහ තරුණ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කර ගැනීමට සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන බවද ඊයේ (28දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය රූමි රූබන් මහතා පැවැසීය.

පාසල් දරුවන් පිළිබඳව දෙමවුපියන්ගේ අවධානය ගිලිහී යෑම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමට රුකුලක් වී ඇතැයි පැවසූ ඒ මහතා පාසල් දරුවන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම රටට විශාල ප්‍රශ්නයක් බවද කියා සිටියේය.

“අයිස් මත්ද්‍රව්‍ය භාවිතය නිසා විවිධ මානසික රෝග සහ රෝග ලක්‍ෂණ ඇතිවීමේ හැකියාවක් ඇති බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු වෙනවා. මෙය ඉතා සංකීර්ණ මෙන්ම බරපතළ තත්ත්වයක්. තරුණ පරපුර සහ පාසල් දරුවන් මෙම උවදුරෙන් ගලවා ගැනීමට වහා ක්‍රියාකළ යුතුයි යැයිද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment