තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට අපනයනය කරන්න පුළුවන් – ඇමැති මහින්ද අමරවීර

105

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීම අමාත්‍යවරයා අතින් සිදු විය. තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහළ මුරුතවෙලින් පසුගිය වසරේදී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 100000ක් රෝපණය කිරීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 2520000 ක් පමණ අපනයනය කෙරේ. තැඹිලි අපනයනය කිරීමෙන් 2022දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර පසුගිය වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයක් වන බවද ඇමැතිවරයා කීය.

ඉදිරියේ දී අප රටේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම ඒකාන්තයි. දැනටත් ලෝකයේ ඇති ඉහළ ඉල්ලු‍මෙන් සියයට 02ක්වත් අපිට දෙන්න බැහැ. ඒ නිසා තැඹිලි වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස තමන් පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment