ඡායාරූප සමාජ මාධ්‍යට දානවැයි කියා තිදරු මවට අතවර කරලා

216

සැකකරු අත්අඩංගුවට

ජංගම දුරකථනයකින් ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට අන්තර්ගත කරන බවට තර්ජනය කොට 27 හැවිරිදි තිදරු මවකට ස්ත්‍රී දූෂණයක් සිදුකළ බව කියන පුද්ගලයෙකු වරකාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කුලී නිවසක පදිංචියට ආ අසල්වැසි පවුලක කාන්තාවකට තම කැමැත්තෙන් රුපියල් 20 දාහක් ලබාදී ඇති සැකකරු ඇයට වරින් වර තර්ජනය කරමින් ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

වරකාගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කළුතර විශේෂ එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment