අප ජීවිත පරිත්‍යාගයෙන් ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව අරගල කරනවා – ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්

220

ගුරු බිල්ලක් හෝ ලබා දී ජීවිත පරිත්‍යාගයෙන්, ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩ අරගලයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ඊයේ (01) නුවරඑළියේදී පවසයි.

අප ජීවිත පරිත්‍යාගයෙන්  ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව අරගල කරනවා - ලංකා ගුරු සේවා  සංගමයේ ලේකම්

විදුහල්පති හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයට වහා විසඳුමක් ලබා දෙනක ලෙස ඉල්ලමින් දිවයින පුරා පවත්වන උද්ඝෝෂණ මාලාවට සමගාමීව නුවරඑළිය දිස්ත‍්‍රික් රැුළිය ඊයේ (01) දා පෙරවරුවේ නුවරඑළිය නගරයේදී විශාල පිරිසකගේ සහභාගීත්නවයෙන් පැවැත්විණි.

නුවරඑළිය දිස්ත‍්‍රික් විදුහල්පති හා ගුරු සංගම් ඒකාබද්ධ වෘත්තීය සමිතිය මගින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණ පෙළපාලියට පැමිණි පිරිස අද පෙ.ව. 10.15 ට පමණ විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් නුවරඑළිය ගාමිණී මැදි විදුහල අසලින් ආරම්භ කර නුවරඑළිය නගරයට පැමිණ වීදි හරහා ගමන් කළහ.

අනතුරුව තැපැල් කාර්යාලය අසලට රැුස්වී ගුරු වෘත්තීය සමිති නායකයින් විසින් පැමිණ සිටි පිරිස අමතනු ලැබූහ.

මෙම උද්ඝෝෂණය සඳහා නුවරඑළිය දිස්ත‍්‍රික් විදුහල්පති- ගුරු වෘත්තීය සමිති නියෝජනය කරමින් සිංහල දෙමළ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.

විරේධතා පෙළපාලිය නුවරඑළිය නගරයේ ගමන් කරන අයුරු හා ගුරු සංගම් නියෝජිතයින් අදහස් දක්වන අයුරු.

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment