වනෝද්‍යානවලට රිංගූවිට සත්තු ගැහුවට වගකියන්න බෑ – වනජීවී ප්‍රධානීහු කියති

169

ජාතික වනෝද්‍යානවල සිටින වන සතුන් රැක ගැනීම මිස එම සතුන්ට හිරිහැර කිරීම නීති විරෝධී බව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

එබැවින් එවැනි උද්‍යානවලට අනවසරයෙන් ඇතුළු වී එහි සිටින වනසතුන්ගේ පහරකෑම්වලට ලක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වගකීම භාරගත නොහැකි යැයි ද කීවේය.

පසුගියදා තන්තිරිමලේ ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ සිවිල් ආරක්‍ෂක නිලධාරියකුට ද වලසෙක් පහර දී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද තම දෙපාර්තමේන්තුවට අනුගමනය කරන්නට සිදුවන්නේ වනජීවී උද්‍යාන ප්‍රතිපත්තිය බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එම පුද්ගලයා ඇතුළු වී ඇත්තේ අනවසරයෙන් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තන්තිරිමලය පොලිසිය පවසන්නේ දැව කැපීම සඳහා රක්‍ෂිත වනයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් කිහිපදෙනෙකුට වලසා පහර දී ඇති බවය.

එබැවින් එම සතුන්ගේ වාසස්ථාන රැකදෙනු හැර එම සතුන් ඉන් ඉවත් කිරීම කළ නොහැකි බව ද පොලිසිය සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment