බියගම කොට්ටුන්නේ හොර අරක්කු ස්කාගාරයක් වටලයි – සිව් දෙනෙක් අත්අඩංගුවට

160

බියගම කොට්ටුන්න ප්‍රදේශයේ කුලියට ගන්නා ලද නිවෙසක හොර රහසේ විදුලිය උපයෝගී කර ගනිමින් පවත්වා ගෙන ගිය හොර ස්කාගාරයක් බියගම පොලිසිය මගින් වටලා ඇත.

මෙහි තිබී ගෝඩා මිලිලීටර් එක් ලක්ෂ අසුූඅට දහසක් අඩංගු ගෝඩා බැරල් තුනක්, කසිප්පු මිලිලීටර් තුන් දහසක්, වතුර මෝටරයක්, ගෑස් සිලින්ඩරයක්, වයර් හා පිලමන්ට් එකක් ඇතුළු පෙරීමේ උපකරණ රැසක්ම පොලිස් භාරයට ගැනිණි.

එම නිවෙස තුළ කසිප්පු පෙරීම සඳහා සූදානම් වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී.

එහි විශේෂ කාර්ය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.

මෙම වැටලීමට බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව දුෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී.ගරුසිංහ, සැරයන් රාජපක්ෂ ( 63431) , පො කො. සඳරුවන් (90510), නයනජිත් (706), අරවින්ද (34107), රවිශාන් ( 97030), කරුණාතිලක (96937) හා කාන්තා පො කො. ඩිලානි (11151) යන නිලධාරීහු සහභාගී වී සිටියහ.

දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment