දෙහිඅත්තකණ්ඩිය රෝහල හාන්සියි – වෛද්‍ය හා කාර්ය මණ්ඩල නොමැතිව ශල්‍යාගාර වැසේ – ඖෂධ හිඟයෙන් රෝගීන් මරුවා සමග වාසේ

589

නගර 15 ක ගම්මාන 155 කට මාසෙකට රෝගීන් තිස්දාහක් හතළිස් දාහක් ප්‍රතිකාර ලබාදෙන දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට විශේෂඥ වෛද්‍යවරු 03 ක්, හෙද හෙදියන් 25 ක්, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 85 ක හිඟයක් හා ප්‍රමාණවත් ඖෂධ නොමැතිව සායන 10 ක් ක්‍රමානුකූලව පවත්වාගෙන යෑමට නොහැකිවීම විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැතිවීම හේතුවෙන් ශල්‍යකර්ම කිරීමට නොහැකිව මාස 02 ක සිට ශල්‍යාගාරය වසා දමා ඇත.

විල්ගමුව, දියවිද්දාගම, නවමැදගම, සඳුන්පුර, ලිහිණියාගම, දෙහිඅත්තකණ්ඩිය, මාවෙනාවෙල, වෙහෙරගල, ඇල්ලේවැව, කළුකැලේ, සිරිපුර, නුවරගල, පිහිටිවැව, නිකවතලන්ද, කැකුළුවෙල නගර 15 ක ගම්මාන 155 ක වකුගඩු, සමේ රෝග, ළමා කායික මාතෘ හා ප්‍රසව සුවනාරි මානසික, ඇස්, දියවැඩියා, හෘද සායන 10 ක් ඇතුළු හදිසි ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් ඖෂධ නොමැතිකම නිසා අසරණ රෝගීන්ට තම රෝගවලට ඖෂධ ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබේ.

මේ පිළිබඳ විමසීමේදී අම්පාර නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. ටී. ඒ. ප්‍රසංග සේරසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. අම්පාර, දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල් 02 ක් තියෙනවා. මෙහි වෛද්‍යවරුන්, ඖෂධවේදීන් එක්සරේ නිලධාරීන්, ස්කෑන් රුධිරය රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන්, හෙද හෙදියන් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් තියෙනවා. අම්පාර මූලික රෝහලට විශේෂඥ වෛද්‍යවරු 17 ක් අවශ්‍යයි, ඉන්නේ 06 දෙනයි. ඊයේ 23 දින විශේෂඥ වෛද්‍යවරුන් 02 ක් ඉල්ලා අස්වීමේ ලිපි ලබාදුන් බවත් රෝගීන්ට බෙහෙත් දෙන්න ප්‍රමාණවත් වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් පවතිනවා. අවුරුදු 05-07 වැඩ කරන වෛද්‍යවරු ස්ථාන මාරුවීම් ඉල්ලා සිටිනවා.

ඒ අයගේ මානසික සුවතාවය හේතු මුල් කරගෙන මාරුවීම් ලබාදිය යුතුයි. මෙම වෛද්‍යවරු මාරු කළොත් අසරණ රෝගීන්ට බෙහෙත් දෙන්න කවුරුවත් නැතිව යනවා. ස්ථාන මාරුවීම නොදෙන නිසා මගෙත් එක්ක තරහවෙලා වෛද්‍යවරු මට බැන බැන ඉන්නවා. වෛද්‍ය හිඟය ඇතුළු රෝහල්වල ඇති සියලුම අඩුපාඩු ඉහළ ගිහින් නිලධාරීන්ට වසර කීපයක සිට දැනුම් දී ඇතත් තවම උත්තරයක් නැහැ. වෛද්‍යවරු ගැන මට හරිම දුකයි සමහර වෛද්‍යවරු රට අතහැරලා ගිහින් තියෙනවා. මටත් අස්වෙලා ගෙදර යන්න හිතෙන තරමට හරියට කලකිරිලා ඉන්නේ. මේ ප්‍රශ්න පාදක මැද දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරු හා හෙද හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලය සේවය කිරීම ගැන ප්‍රශංසා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment