රජයේ ව්‍යාපාරවල පාඩු නිසා පවුල් පිටින් ණයකාරයන් වෙලා – ඇඩ්වොකාටා ආයතනය කියයි

104

රජයේ ව්‍යාපාරවල (SOE) පාඩු නිසා ශ්‍රී ලාංකික කුටුම්භයකට රුපියල් 141,809ක වියදමක් දැරීමට සිදුව ඇතැයි ඇඩ්වොකාටා ආයතනය සඳහන් කරයි.

රජය සතු ව්‍යවසායන්හි තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග නිසා ඒවායේ බර බදු ගෙවන ජනතාවගේ මුදල් පසුම්බිවලට දැනෙන බව ද ඇඩ්වොකාටා ආයතනය කියා සිටී. ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතා පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනනාත් ප්‍රනාන්දු මහතා “ඉදිරි මැතිවරණ චක්‍රය සැලකිල්ලට ගනිමින් ඇඩ්වොකාටා ආයතනය රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා. බලයට පත්වන රජය කුමක් වුවත් රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදු කළ යුතුයි.

2022 දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක සමස්ත පාඩුව රුපියල් බිලියන 744.6 ක් වන අතර, එය පියවීමට ලියාපදිංචි බදු ගෙවන්නන් තෝරා ගන්නේ නම් එක් බදු ගෙවන්නකු රුපියල් මිලියන 1.7 ක්ද, මෙම පාඩුව ලංකාවාසී සියලුම පුරවැසියන්ගෙන් අය කර ගන්නේ නම් එක් පුරවැසියකු සඳහා රුපියල් 33,949 ක්ද දැරිය යුතුයි.

ඒ අනුව එක් පවුලකට දැරීමට සිදුවන වියදම රුපියල් 141,809 ක් වෙනවා. බදු එකතු කිරීමේ තියුණු වැඩිවීමක් ක්‍රියාත්මක කර තිබුණත්, 2024 වසරේදී බදුවලින් එකතු කර ගැනීමට අපේක්ෂිත ආදායම මගින් හෝ 2022 වසරේදී රාජ්‍ය ව්‍යවසාය 52 ක සමස්ත පාඩුව පියවා ගත නොහැකියි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment