සෞඛ්‍යයේ වාහන 679කට වෙච්ච දෙයක් නෑ – ජාතික විගණන කාර්යාලය කියයි

102

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු රථ වාහන 679ක කිසිදු තොරතුරක් සොයාගත නොහැකි ලෙස අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

එම කාර්යාලය විසින් 2019 වසරේ සිදුකර ඇති විශේෂ විගණන පරීක්ෂණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් මෙම වාහන අස්ථානගතවීම පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ.

මෙම වාහන අතරින් 240ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය විගණනයට දන්වා ඇතත් ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි විගණන කාර්යාලය පවසයි.

අනෙකුත් වාහන 439 පිළිබඳවද වසර හතරක් තිස්සේ කිසිදු තොරතුරක් දැනගත නොහැකිව ඇතැයිද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment